අප ගැන

හොරණ දෙව්මැදුර කොළඹ අගරදගුරු පදවියට අයත් වේ. හාස්කම් පිරි මෙම ශු. භූමිය හරිත පරිසරයක පිහිටා ඇත. කොළඹ පදවියට අයත් විශාලතම භූමි ප්‍රමණයක් ආවරණය කරන්නවූ හොරණ මීසම බහු ආගමික වූත් බහු සංස්කෘතියකට අයත් ප්‍රදේශයක පිහිටි වන්දනා ස්ථානයකි.

වර්තමාන මීසම් පාලක පියතුමා : ගරු නුවන් බුද්ධික පියතුමා

 

  • මීසමට අයත් මුළු පවුල් සංඛ්‍යාව : 401
  • මුළු කතෝලිකයන් සංඛ්‍යාව : 1199
  • මීසමට අයත් පැවිදි / දෙව්සත්හල් සිසුන් : දෙව්සත්හල් සිසුන් 1 කි
  • මීසමට අයත් දේවස්ථාන ගණන : 07

 

අතීත තොරතුරු

  • 1910 දී ශු. ෆිලමිනා මුණිවරියට කැපකරමින් දේවස්ථාන භූමියේ කුඩා ගොඩනැගිල්ලක් ඉදි කිරීම
  • 1954 දී මතුගම මීසමෙන් වෙන කර නව මීසමක් බවට පත් කරනු ලැබීම
  • 1966 – සුප්‍රසිද්ධ වාස්තුවිද්‍යාඥකු වන වැලන්ට්යින් ගුණසේකර මහත්මාගේ නිර්මාණ සංකල්පය යටතේ ඉදි වීම
  • තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් ශු. මාටින් මුණිඳුන්ට දේවස්ථානය කැප කිරීම
  • කල්වාරි සිද්ධස්ථානයක් ලෙස ප්‍රසිද්ධව දේශය පුරා විසිර සිටින්නාවූ කතෝලිකයන්ගේ වන්දනා ස්ථානයක් බවට පත් වීම

ගරු මීසම් පාලක පියවරුන්

  • ගරු ඔගස්ටින් ප්‍රනාන්දුපුල්ලේ පියතුමා
  • ගරු කැනීෂියස් නේරිස් පියතුමා
  • ගරු එරින්ටන් සිල්වා පියතුමා
  • ගරු ජයලත් බලගල්ල පියතුමා
  • ගරු ගරු ප්‍රකාශ් ප්‍රනාන්දු පියතුමා
  • ජෝර්ජ් තිසේරා පියතුමා
  • ගරු ස්ටැන්ලි ලාවුස් පියතුමා
  • ගරු බොස්කො පෙරේරා පියතුමා
  • ගරු සුනිල් කුමාර පීරිස් පියතුමා
  • ගරු ෆීලික්ස් මවෙල් පියතුමා
  • ගරු මයිකල් කෲස් පියතුමා
  • ගරු සෙක්ස්ටස් කුරකුලසූරිය පියතුමා
  • ගරු ජුලියස් විජේසූරිය ( නි. ම. නි ) පියතුමා
  • ගරු ෆ්ලෙයිබර් පියතුමා
  • ගරු මෙතියස් ප්‍රනාන්දු පියතුමා
  • ගරු ෆීලික්ස් පෙරේරා පියතුමා
  • ගරු ජෝර්ජ් පෙරේරා පියතුමා
  • ගරු සෙකරියස් පෙරේරා පියතුමා

මින් පෙර මතුගම මීසම යටතේ පාලනය විය